මධුර විතානගේ බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට

by admindasun
0 comment 83 views

කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණු මධුර විතානගේ මහතා අද දින 09 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසියට සහභාගී වීම සදහා දියවන්නා ඔය හරහා බෝට්ටුවකින් පැමිණියේය.

පරිසරය ආරක්ෂා කිරීම සනිටුහන් කරමින් රථ වාහන තදබදයට පිළියමක් ලෙස ප්‍රවාහන කටයුතු සදහා අගනුවර තුළ පිහිටි ජල මාර්ග යොදා ගැනීමේ වැදගත්කම විදහා දක්වමින් ඔහු මෙසේ පාර්ලිමේන්තුවට පැමිණි බව පවසයි.

රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මධුර විතානගේ මහතා ශ්‍රී ජයවර්ධනයපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙසද පරිසරය ආරක්ෂා කර ගනිමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති රැසක් හදුන්වා දී ඇති දේශපාලඥයෙකි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment