ඡන්දයට පෙර පළාත් සභා පනත සංශෝධනය කෙරෙන අයුරු

by admindasun
0 comment 29 views

පළාත් සභා ඡන්දය පැවැත්වීමට පෙර පළාත් සභාවලට අදාළ වන ආණ්‍ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය කිිිිිරීම පිළිබදව අවධානය යොමු කර ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

එම කටයුතු නිම කොට ඡන්දය පැවැත්වීමේදී 2021 ජනවාරි මාසය පමණ විය හැකි බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මහනුවර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

මේ වන විට පළාත් සභා 09හිම නිළ කාලය අවසන් වී ඇති අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද කිහිප වරක් මෙම ඡන්දය ගැන මත් කර සිටියේය.

නැගෙනහිර, උතුර මැද සහ වයඹ පළාත් සභාවල නිළ කාලය 2017 වසරේදී අවසන් වුණු අතර සබරගමුව, උතුර සහ මධ්‍යම පළාත් සභාවල නිළ කාලය 2018 වසරේදීද, දකුණ, බස්නාහිර සහ ඌව පළාත් සභාවල නිළ කාලය 2019 වසරේදී අවසන් විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment