කතානායක ලෙස මහින්ද යාපා නිතරගයෙන් පත්වේ

by admindasun
0 comment 31 views

හිටපු අමාත්‍ය සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා 09 වන පාර්ලිමේන්තුවේ කතානායක ලෙස නිරගයෙන් මීට සුළු මොහොතකට පෙර පත් විය.

පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මහින්ද යාපා මහතොගේ නම කතානායක තනතුර සදහා යෝජනා කළ අතර එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, සී වී විග්නේෂ්වරන්, හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පක්ෂ නායකවරු මහින්ද යාපා අබේවර්ධන මහතාට සුභ පැතුම් පණිවුඩ එකතු කරන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment