විදුලි බලය ඇණහිටීමෙන් කොළඹ දැඩි වාහන තදබදයක්

by admindasun
0 comment 129 views

විදුලිබලය ඇණ හිටීමත් සමග කොළඹ මංසන්ධිවල මාර්ග සංඥා පුවරු ක්‍රියාවිරහිත වී ඇති නිසා මේ වන විට දැඩි වාහන තදබදයක් හට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය මගහැරවීම සදහා පොලිසිය විසින් උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇත.

විදුලි බල මණ්ඩලය පවසන පරිදි දකුණු පළාත, කොත්මලේ ඇතුළු ප්‍රදේශ කිහිපයක මේ වන විට විදුලි බලය යථා තත්ත්වයට පත් කර ඇති අතර දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කාර්යයේ ඔවුන් යෙදී සිටින බව පවසයි.

එසේම ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ විදුලි බලය ඇණ හිටීම නිසා ජල සැපයුමද අඩාල විය හැකි අතර අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment