රාජාංගනයේ දරුවාට කොවිඩ් නෑ

by admindasun
0 comment 24 views

පසුගියදා රාජාංගනය ප්‍රදේශයෙන් කොවිඩ් බවට සැක සහිතව හදුනාගත් දරුවාට කොවිඩ් – 19 ආසාධනය වී නොමැති බවට අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥවරයා අද පැවසුවේය.

මෙම දරුවා හදුනාගැනීමත් සමග ගුරුවරයෙකු ඇතුළු තවත් 04 දෙනෙකු නිරෝධානයනට යොමු කළ අතර අදාළ දරුවාට කොවිඩ් නොමැති බව තහවුරු වීමත් සමග ඔවුන් නැවතත් නිවෙස් බලා පිටත් කර යවා ඇත.

මෙම දරුවාගේ පීසීආර් පරීක්ෂණවලට අනුව අවශ්‍ය පරිදි ප්‍රතිදේහ ඔහුගේ ශරීරයේ පවතින අතර ඔහුට කොවිඩ් – 19 නොමැති බවට තවදුරටත් තහවුරු වී ඇති බව වසංගත රෝග විශේෂඥවරයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment