ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ නව මූලස්ථාන ගොඩනැගිල්ල අද සවස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කෙරිනි
අංක 70, ගාලු පාර, වැල්ලවත්ත යන ස්ථානයේදී විවෘත කෙරුණු මෙම මූලස්ථාන ඉදි කිරීම සදහා ඉඩම ලබාදී තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
වසර 200කට එහා ඉතිහාසයකට හිමිකම් කියන අමරපුර මහා නිකායට මේ වන තෙක් මූලස්ථාන ගොඩනැගිල්ලක් නොතිබුණු අතර අමරපුර මහා නිකායේ වර්තමාන නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ඇතුළු මහා සංඝ රත්නය මේ අවස්ථාවට වැඩම කර වදාළහ.
හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළු දේශපාලන නායකයින්ද මෙම අවස්ථාවට සහභාගී විය.
