‘කුසලතා සංවර්ධන දශකය ඉදිරියෙන්’

by admindasun
0 comment 27 views

ඊලඟ දශකය කුසලතා වර්ධනය කරන දශකයක් ලෙස ජනාධිපතිවරයා විසින් නම් කර ඇති අතර එය යථාර්ථයක් බවට පත් කරන්නට තම අමාත්‍යාංශයේ සියලුම ආයතන කළමණාකරණය කරමින් කුසලතා සපිරි තරුණ ප්‍රජාව ඉදිරියට ගෙන යන බව අභිනව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ පැවසුවේය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරිය ලෙස වැඩ ආරම්භ කරමින් වෛද්‍ය අරඹේපොළ මේ බව පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවේය. ”මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුව වන සෞභාග්‍යමත් දේශයක්, ඵලදායී දේශයක්, ඵලදායී පුරවැසියන්, සතුටින් ජීවත්වන පවුලක්, නිවැරැදි සමාජයක් නිර්මාණයවීමේ  මූලික අඩිතාලමක් වෙන්නෙ අධ්‍යාපනය. අධ්‍යාපනය තුළින් නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුවකට තරුණ සමාජය යොමු කිරීම තුළින් ඊලඟ දශකයේ නිපුණතාවය සපිරි සමාජයක් ගොඩනගන්න වෘත්තීය පුහුණුව ලබා දෙමින් මේ රටේ කුසලතාවයන් වැඩි වර්ධනය කරමින් රැකියාවලට යොමු කිරීම මේ රජයේ බලාපොරොත්තුවයි.”

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment