මෙරට නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 160 දෙනෙකු අද දින එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටත්ව යාටම නියමිත බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.
එම මධ්‍යස්ථානය විසින් අද උදෑසන නිකුත් කළ නිවේදනයට අනුව බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයන් 04 දෙනෙකුද, මිහින්තලය NLC නිරෝධායන මධ්‍යස්ථානය තුළන් දෙදෙනෙකුද, පම්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 154 දෙනෙකුද මෙසේ නිවෙස් බලා පිටත්ව යාමට නියමිතය.
මේ වන විට නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව 30,274ක් පමණ වේ.
එසේම අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 41ක් තුළ පුද්ගලයින් 4689ක් පමණ නිරෝධායනය වෙමින් සිටින බවත් කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
