කොවිඩ් – 19 අවදානම තත්ත්වය නිසා පිටරටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ තවත් 314 දෙනෙකු රටවල් 05ක සිට මෙරටට අද දිනයේදී පැමිණීමට නියමිත බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.
එම මධ්‍යස්ථානය වෙතින් නිකුත් කළ නිවේදනයට අනුව අබුඩාබි සිට පුද්ගලයින් 40 දෙනෙකුද, දෝහා සිට පුද්ගලයින් 11 දෙනෙකුද, චෙන්නායි සිට පුද්ගලයින් 05 දෙනෙකුද, මුම්බායි සිට පුද්ගලයින් 13 දෙනෙකුද, ලන්ඩන් සිට පුද්ගලයින් 245 දෙනෙකුද මෙරටට පැමිණීමට නියමිතය.
එසේ පැමිණෙන පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු කෙරෙනු ඇත.
