බැසිල් රාජපක්ෂත් පාර්ලිමේන්තුවට | ඇමැතිකමකුත්?

by admindasun
0 comment 334 views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කර ඇති ජයන්ත කැටගොඩ මහතා ඉවත් වී බැසිල් රාජපක්ෂ මහතාට අවස්ථාව ලබාදෙන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කළේය.

තවද ඔහු පාර්ලිමේන්තුවට පත් වීමෙන් පසු ඔහුට ඇමැති තනතුරක්ද ලබා දීමට නියමිත අතර එය බොහෝ විට අග්‍රාමාත්‍යවරයා විසින් දැන් දරණ ඇමැති තනතුරක් හෝ නව ඇමැති තනතුරක් විය හැකි බවටත් මෙම ආරංචි මාර්ග අනුමාන කළ සිටියේය.

මේ පිළිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාගෙන් විමසූ විට කියා සිටියේ දැනට පවතින තත්ත්වය තුළ එවැනි අවස්ථාවක් නොමැති බවයි.

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු වන අතර ඒ නිසා ඔහු මහ මැතිවරණයට තරග නොකළ බවත් ඔහු කියා සිටියේය.

රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන ඔහු පාර්ලිමේන්තුවට පත් කිරීමක් සිදු වන්නේද පිළිබද විමසූ විට කාරියවසම් මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් තම පක්ෂයේ විරෝධතාවක් නොමැති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment