යූඑන්පී නායකයා තේරීම සිකුරාදාට කල් යයි

by admindasun
0 comment 51 views

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත් කර ගැනීම සදහා වන නම් සලකා බැලීම එළඹෙන සිකුරාදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අද දින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී පැවැති රැස්වීමේදී ඒ පිළිබද කිසිවක් සාකච්ඡා නොකෙරුනු බව පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංග‌ේ බණ්ඩාර පැවසුවේය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය ලද දැවැන්ත පරාජය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවට ඊයේ දින නිවේදනය කළේය.

මේ වන විට අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන, නවීන් දිසානායක, රවි කරුණානායක යන මහත්වරුන්ලේ නම් නායකයා ලෙස යෝජනා වී ඇති බවත් එම ආරංචි මාර්ග පැවසුවේය.

ඒ පිළිබද සිකුරාදැ පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කෙරෙන බවත් එම ආරංචි මාර්ග කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment