රාජ්‍ය ඇමැතිකම එපා කියා විජේදාස හැරී යයි

by admindasun
0 comment 155 views

අද දින මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියස පැවැති අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයට කොළඹ සිට පැමිණි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා තමාට කැබිනට් අමාත්‍ය ධූරයක් නොමැති බව සැලවීමෙන් පසු මහනුවරට නොගොස් නැවත හැරී යළි කොළඹ බලා ගමන් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විජේදාස රාජපක්ෂ මහතාට වෙන් කර තිබී ඇත්තේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධූරය වන අතර ඔහු එය බාර නොගත් අතරම අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයටද නොපැමිණ තිබුණේ විජේදාස රාජපක්ෂ මහතා පමණි.

පසුගිය එක්සත් ජාතිප පක්ෂය ප්‍රමුඛ රජයේ අධිකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ මහතා 2018 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය ඇතහැර එම ආණ්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද පත් විය.

‌පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙයක් කළ ආචාර්ය විජේදාස රාජපක්ෂ මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ කොට කොළඹ දිස්ත්‍රික්කයේ 04වන ස්ථානය ලබා ගැනීමට සමත් විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment