ශ්‍රීලනිප හදිසි සාකච්ඡාවක්

by admindasun
0 comment 75 views

මහා මැතිවරණයෙන් පසු පළමු වරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළේ නියොජිතයන් අතර සාකච්ඡාවක් අද දින පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළිඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ තම පක්ෂයේ පූර්ණ සහයෝගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර ඇති බවයි.

මෙහිදී තමා කතානායක ධූරයට පත් කිරීමට නියමිත බවට පැතිර යන කතාව පිළිබද මාධ්‍යවේදීන් විමසූ විට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ තමා එවැනි තනතුරක් පිළිබදව දැනුවත් වී නොමැති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment