යූඑන්පී නායකත්වයේ වෙනසක්

by admindasun
0 comment 56 views

එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයේදී අත්වුණු අන්ත පරාජයත් සමග පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේය.

මෙවර මැතිවරණ පරාජයත් සමග පක්ෂය නවකයන්ට බාර දිය යුතු බව පසුගිය සිකුරාදා තමා සමග රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව අබේවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයට අත්වුණු පරාජය පිළිගන්නා බව පැවසූ අබේවර්ධනය මහතා තවදුරටත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වන්නේනම් පක්ෂයේ නායකත්වය බාර ගැනීමට තමා සූදානම් බවයි.

තමා ඒ බව වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බවද ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment