කොවිඩ් – 19 ආසාධනය වී රෝහල්ගත කර සිටි තවත් රෝගීන් 12 දෙනෙකු අද දින සුවය ලබා පිටව යාමත් සමග සුවවූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව සුවය ලැබූ මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2576ක් වී ඇති බව එම අංශය තවදුරටත් පැවසුවේය.
මෙසේ සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 252 දක්වා පහත වැටී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
