සිරිකොත රකින්න විශේෂ මෙහෙයුමක්

by admindasun
0 comment 130 views

2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත්වීමත් සමග එම පක්ෂ මූලස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති බව වාර්තා වෙයි.

තවද පිටකෝට්ටේ ඊට ආසන්නයේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති මූලස්ථානය වන ලංකා සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලයටද එසේම ආරක්ෂාව ලබා දී ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ ප‌ොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසු‌වේ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස එම පක්ෂයේ කළමනාකාරිත්වය විසින් ඉල්ලීමක් කර තිබූ බවයි.

එවැනි විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇත්නම් ඒ හේතුවෙන් වන බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment