මහින්ද දේශප්‍රිය ගෙදර යයි??

by admindasun
0 comment 90 views

හිටපු මැතිවරණ කොමසාරිස් මෙන්ම වර්තමාන මැතිවරණ කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන මහින්ද දේශප්‍රිය මහතා විශ්‍රාම ගැනීමක් පිළිබදව අවසන් වරට මැතිවරණ කොමිසමේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඉගි කර සිටියේය.

සාමාන්‍යයෙන් සෑම මැතිවරණයක් අවසානයේම මැතිවරණ කොමිසමේ ශ්‍රවණාගාරයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රතිඵල නිවේදනය කරනු ලබන අතර මෙවර එවැනි මාධ්‍ය සාකච්ඡාවක් නොපැවැත්වෙන බව දේශප්‍රිය මහතා ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී නිවේදනය කළේය.

එසේම ඔහු ඊයේ මාධ්‍ය හමුව අවසානයේ සියලු දෙනාට ආයුබෝවන් කීමටද අමතක නොකළේය.

කෙසේ වෙතත් දැනට පවතින මැතිවරණ කොමිසමේ නිළ කාලය ලබන මාසයෙන් (සැප්තැම්බර්) අවසන් වන අතර මැතිවරණ කොමිසම පත් කරනු ලබන ව්‍යවස්ථාදායක සභාවද අලුතින් පත් කිරීමට නියමිතය.

පසුගිය පාර්ලිමේන්තුව යටතේ පත් කෙරුණු දැනට පවතින ව්‍යාවස්ථාදායක සභාවේ අවසන් රැස්වීම පසුගියදා පැවැත්වුණු අතර නව පාර්ලිමේන්තුව පත් වීමෙන් අනතුරුව නව ව්‍යාවස්ථාදායක සභාවක්ද පත් වනු ඇත.

2011 වසරේදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ලෙස පත්වුණු දේශප්‍රිය මහතා 2015 වසරේදී පත් කෙරුණු මැතිවරණ කොමිසමේ පළමු සභාපතිවරයා ලෙස ඉතිහාසයට එකතු වනු ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment