09 වන පාර්ලිමේන්තුව සදහා නියෝජිතයන් පත් කර ගැනීම සදහා අද දින පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කළ සියලු ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්තුතිය ප්‍රකාශ කරමින් පණිවුඩයක් නිකුත් කර ඇත.
මෙම පණිවුඩය ජනාධිපතිවරයාගේ නිළ ෆේස්බුක් පිටුවේ සහ නිළ ට්විටර් ගිණුමේ සදහන් කර තිබුණි.
එම පණිවුඩයෙන් සදහන් කෙරුණේ මැතිවරණ කොමිසමට අනුව අද(5) පැවති මහමැතිවරණයේදී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇත.
කොවිඩ් – 19 අවදානම ලෝකයෙන් තවමත් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව අපගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය පිළිබදව තමා ස්තූතිවන්ත වන බව ජනාධිපතිවරයා තම පණිවුඩයෙන් ප්‍රකාශ කර තිබුණි.
