මැතිවරණය සාමකාමීයි – පොලිසිය කියයි

by admindasun
0 comment 18 views

සුළු සිද්ධි කිහිපයක් හැරුණු කොට සමස්ථ මැතිවරණය සාමකාමීව පැවැත්වීමට හැකියාව ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේය.

2020 මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මැතිවරණ දිනයේදී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 06 ලැබී තිබුණු අතර මැතිවරණ නීති උල්ලංඝණය කීරීම් 23ක් වාර්තා වී තිබුණු බවයි.

එසේම ඒ සම්බන්ධයෙන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ හා සම්බන්ධ වාහනද 09ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සේනාරත්න පැවසුවේය.

මේ අතර කිසිදු අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගැනීමක් වාර්තා නොවන බවත් ඔහු කියා සිටියේය.

මැතිවරණයේ ඡන්ද පෙට්ටි අදාළ මධ්‍යස්ථාන වෙත ගෙන යාමේ කටයුතුද ආරක්ෂිතව මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සේනාරත්න පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment