වසර 09කට පසු මැකො ඡන්දය දමයි

by admindasun
0 comment 35 views

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද දින උදෑසන 07ට පමණ කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ තම ඡන්දය ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබුණි.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ පසුගිය සෑම මැතිවරණයකදීම ඡන්ද පොළ වෙත ගියද ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්ද පොළ වෙත පැමිණියේ 2011 වසරට පසුව බවයි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වයන්ගෙන් සම්පූර්ණයෙන්ම ඡන්ද පොළ ආරක්ෂිත බව පෙන්වීමටත් වයස අවුරුදු 65ක් වන පුද්ගලයෙකුට පවා ඡන්දය භාවිත කිරීම තම අයිතිය බව පෙන්වීම සදහා ඡන්ද පොළ වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළ බව මහින්ද දේශප්‍රිය මහතා එහිදී කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment