කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් තවමත් මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 2294ක් බව කොවිඩ් – 19 වසංගතය මර්දනය සදහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පැවසූ පරිදි මේ වන විට 29121 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති අතර මෙරට වාසය කළ මෙන්ම පිටරට සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ද ඒ අතරට ඇතුළත් වන බවයි.
එසේම මෙරට නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුළ මෙම පිරිස නිරෝධායනයට ලක් වූ බවත් කොවිඩ් – 19 වසංගතය මර්දනය සදහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.
පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ඉදිරියටද ක්‍රියාත්මක වන අතර එසේ පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට ලක් කෙරෙනු ඇත.
