රජයේ ගුවන් විදුලිය මැතිවරණ නීති කඩන බවට චෝදනා

by admindasun
0 comment 68 views

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය මඟින් මැතිවරණ නීති කඩකරමින් කටයුතු කරන බව කැෆේ සංවිධානය  මැතිවරණ කොමිසම වෙත දන්වයි.

අද (03) මැතිවරණයේ නිහඩ  කාලසීමාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බේරුවල ආසන සංවිධායක මර්ජාන් ෆලීල් මහතා විසින් එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දෙන ලෙස සෘජුවම ප්‍රකාශ  කර  තිබෙන කැෆේ සංවිධානය පවසයි.

තව දුරටත් අදහස් දක්වමින් කැ‌ෆේ සංවිධානය කියා සිටියේ මෙය මැතිවරණයේ නිහඩ කාලසීමාව උල්ලංඝනය කිරීමක් වන අතර රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් ද වන බවයි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙලෙස පක්ෂග්‍රාහිව කටයුතු කිරීම පිළිබදව මීට පෙරද අවස්ථා රැසකදී කැෆේ සංවිධානය  වෙත තොරතුරු වාර්තා වූ අතර ඒ සියලු අවස්ථා වලට අදාලව පැමිණිලි ඉදිරිපත් කර ඇති බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

මැතිවරණයේ නිහඩ කාලසීමාව ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුනු අතර එම නිහඩ කාල සීමාව තුළදී ද අපේක්ෂකත්ව ප්‍රවර්ධනයේ නිරත වන පක්ෂ හා කණ්ඩායම් පිළිබඳව ද කැ‌ෆේ සංවිධානය වෙත පැමිණිලි ලැබී තිබේ.

ඒ අතර ආගමික ස්ථාන කර යන අතර තුර අපේක්ෂකත්ව ප්‍රවර්ධනයන් සිදුකිරීම සහ හාල්,  ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය බෙදා දීම යනාදිය ද වෙයි. මැතිවරණය  සාමකාමීව පවත්වාගෙන යාම සඳහා දේශපාලන පක්ෂ, ආධාරකරුවන් සහ සාමාන්‍ය මහජනතාව වෙත විශාල වගකීමක් පැවරෙන බව කැෆේ සංවිධානයේ  අදහසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment