ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ලෙස කටයුතු කළ ආචාර්ය දීපිකා උඩගම මහත්මිය එම තනතුරෙන් අද දින ඉල්ලා අස්වන බව දැනුම් දී ඇති බව ආරංචි මාර්ග පවසයි.
ආචාර්ය උඩගම මහත්මිය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බාරදී ඇති බවත් වාර්තා වෙයි.
පසුගිය පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව අද දින අවසන් වරට රැස්වූ අතර එම රැස්වීමට විපක්ෂ නායක ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නැත.
