ඡන්ද පොළ 100%ක් කොවිඩ්වලින් තොරයි – මැකො

by admindasun
0 comment 44 views

අගෝස්තු 05 වන දින පැවැත්වෙන මහ මැතිවරණය සදහා සූදානම් කර ඇති ඡන්ද මධ්‍යස්ථාන නියමිත පරිදි විෂබීජහරණය කර ඇති අතර ඒවා සියල්ල 100%ක්ම කොවිඩ්වලින් තොර බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඒ හා සම්බන්ධ සියලු සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින අතර සියලු සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවයි.

ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණෙන සෑම පුද්ගලයෙකු මධ්‍යස්ථානයට ඇතුළුවීමට සහ පිටවීමට පෙරත් තම දෑත් විෂබීජහරණය කර ගත යුතු අතර සෑම කෙනෙකුම ඡන්දය සළකුණු කිරීම සදහා පෑනක් රැගෙන ආ යුතු බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් යම්කිසි පුද්ගලයෙකුට පෑනක් රැගෙන ඒමට නොහැකි වුවහොත් විෂබීජහරණය කරන ලද පෑනක් ලබාදීමට කටයුතු කරන බවත් දේශප්‍රිය මහතා පැවසුවේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඡන්දය දැමූ බවට සළකුණු කිරීම සදහා මෙවර යොදා ගනු ලබන්නේ තීන්ත සහිත කූර එක් අයෙකුට එක බැගින් ලබා දෙන බවයි.

මෙම මාධ්‍ය හමුව අමතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ කොවිඩ් – 19 ආසාධිතයෙකු පැමිණියද එම පුද්ගලයාගෙන් රෝගය පැතිරීම වැළැක්වෙන අයුරින් සෞඛ්‍ය උපමාන ඡන්ද මධ්‍යස්ථානවල ක්‍රියාත්මක කර ඇති බවයි.

ලංකාව පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985ක් ක්‍රියාත්මක වන අතර සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම අද සහ හෙට දිනවලදී විෂබීජහරණය කිරීමට කටයුතු යොදා ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment