2020 පාර්ලිමේන්තු මැතිවරණය සහා තරග කරන සියලුම අපේක්ෂකයන්ට සිය වත්කම්, බැරකම් ප්‍රකාශ නිකුත් කරන ලෙසත්, පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් මාර්තු 12 නිර්ණායකවලට අනුගතව තම පාර්ලිමේන්තු කාලය ගත කරන බවටත් ජනතාවට ප්‍රකාශ කරන ලෙසට මාර්තු 12 ව්‍යාපාරය ප්‍රසිද්ධියේ ඉල්ලීමක් සිදු කරනු ලැබීය.
එම ඉල්ලීමට අනුව අපේක්ෂකයන් කිහිප දෙනෙක් සිය වත්කම්, බැරකම් ප්‍රකාශ හා මාර්තු 12 නිර්ණායකවලට අනුගත වන බවට ප්‍රකාශ ලබාදෙන ලදි.
ඒ අනුව අද දින වන විට මහාචාර්ය. ආශු මාරසිංහ, ප්‍රේමනාත් සී දෙලවත්ත, එම්.තිලකරජා, ඉරාන් වික්‍රමරත්න, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, එම් කේ සිවාජිලිංගම්, එච් එම් එස් චතුරිකා ජයතිලක සහ වෛද්‍ය චරිත් නිරංජන් වෑගොඩපොල ගිරාගම යන මහත්වරු වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදී ඇත.
