හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ කාන්තා පොලිස් සාජන්වරියකට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද දින හෝමාගම පොලිසියේ 41 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත.
මෙම පොලිස් කාන්තාව පසුගියදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොවිඩ් – 19 ආසාධනය වූ යුධ හමුදා නිළධාරියාගේ මව බවට හදුනාගෙන ඇත.
ඒ අනුව හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ 30 දෙනෙකුද, හෝමාගම පොලිස් ස්ථානයේ 11 දෙනෙකුද මෙලෙස නිරෝධායනය සදහා යොමු කර ඇත.
