2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අයදුම් කිරීමට ලබා දුන් කාලය දීර්ඝ කර ඇති විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අයදුම් කිරීමට ලබාදී ඇති කාලය 2020 ජූලි 31 දක්වා දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේය.
මෙම අයදුම්පත් ජූලි 31 දිනට හෝ ඊට පෙර ලැබෙන ලෙස ලියාපදිංචි තැපෑලෙන් විභාග දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.
මේ පිළිබද වැඩි විස්තර විභාග දෙපාර්තමේන්තුවේ වෙඩ් අඩවිය වන www.doenets.lk වෙතින් හෝ 0112785231, 0112785216, 0112784037 යන දුරකථන අංකවලින් හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් පාසල් විභාග සංවිධාන ාඛාව ඇමතීමෙන් ලබා ගත හැකි බවත් පූජිත මහතා පවසයි.
