PHI වර්ජනය GMOA උදහසට

by admindasun
0 comment 91 views

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අනිසි බලතල ඉල්ලන අත්තනෝමතික වෘත්තීය ක්‍රියා මාර්ගයක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිපියක් යොමු කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ කොවිඩ් රෝගය ව්‍යාප්තිය මධ්‍යයේ මැතිවරණයට අදාළ රෙගුලාසි සහිත ගැසට් පත්‍රය හරහා අනිසි බලතල ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් බිද වැටීමටකට ලක් නොවන අයුරින් කටයුතු කිරීමට විසදුම් කිහිපයක් ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් විසින් සිදු කරනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සදහා වන සියලු පහසුකම් ඒ අය වෙත ලබා දීම, අවශ්‍යතාවක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසවලට වෛද්‍යවරුන් වැඩිපුර අනුයුක්ත කිරීම සහ කොවිඩ් 19 රෝ පාලනය සදහා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් හට අමතරව අවශ්‍ය වන මානව සම්පත් සදහා විකල්පයන් හදුනාගෙන ඒ අය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරුන්ගේ සෘජු අධීක්ෂණය හා තාක්ෂණික උපදෙස් මත වහාම සේවයේ යෙදවීම යෝග්‍ය බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරියට යෝජනා කරයි.

එසේම රජය විසින් ගෙන යනු ලබන කොවිඩ් – 19 මර්දන කටයුතු සදහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment