සෞඛ්‍ය උපමාන ගැසට් නොකළොත් ඡන්දය තියන්න බෑ

by admindasun
0 comment 26 views

මැතිවරණය පැවැත්වීමේදී කොවිඩ් – 19 වැළැක්වීම සම්බන්ධයෙන් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් නොකරන්නේනම් මැතිවරණය පැවැත්වීමට අපහසු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහිනද් දේශප්‍රිය මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඊයේ මැතිවරණ කොමිසම රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා කළ අතර කොවිඩ් – 19 සම්බන්ධයෙන් පවතින වර්තමනා තත්ත්වය පිළිබදවද එහිදී සාකච්ඡා කෙරුණු බවයි.

මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාව මැතිවරණ කොමිසමේද අදහස් ඇතිව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වන විටත් සකස් කර අවසන් අතර එහි පිටපතක් මැතිවරණ කොමිසමටද බාර දීම සති කිහිපයකට ඉහතදී සිදු කෙරුණි.

කෙසේ වෙතත් එම සෞඛ්‍ය උපමාන ක්‍රියාත්මක කිරීමටනම් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතුවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ කොවිඩ් – 19 සෞඛ්‍ය උපදෙස් ගැසට් පත්‍රයකින් නිකුත් කිරීම දින දෙකක් තුළ දී සිදු කෙරෙන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment