කන්දකාඩුු සම්බන්ධ පීසීආර් පරීක්ෂණ සිදු කර අවසන්

by admindasun
0 comment 27 views

කන්දකාඩු පුනරුත්ථාපන කදවුර කේන්ද්‍ර කරගනිමින් ඇති වුණු කොවිඩ් පොකුරුට අදාළ සියලු දෙනාගෙන් පීසීආර් පරීක්ෂණ සදහා මේ වන විට සාම්පල ලබාගෙන අවසන් බව කොවිඩ් – 19 මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කන්දකාඩු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයේ මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයන්ගෙන් පීසීආර් පරීක්ෂණ සදහා සාම්පල ලබා ගැනීම මේ වන විට අවසන් කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඒ හා සම්බන්ධ කෙනෙකු කොවිඩ් -19 ආසාධනය වී ඇති බවට වාර්තා වුවහොත් නැවතත් ඊට සම්බන්ධ අය සම්බන්ධව කටයුතු කරන බවයි.

මෙම කොවිඩ් පොකුරට සම්බන්ධව ඊයේ දිනයේදී හමුවූයේ එක් ආසාධිතයෙකු බවත් 2000කට අධික පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාවක් මේ වන විට සිදු කර ඇති බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment