මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙගේ රාජකාරීවලදී මහජනතාව අපහසුතාවට පත් කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කරන ලදැයි කියන ප්‍රකාශයකට විරෝධය පාමින් අද දවල් 12.30 සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් – 19 සම්බන්ධ සේවාවලින් ඉවත් වී ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මැතිවරණයට අදාළ කොවිඩ් – 19 වැළැක්වීමේ සෞඛ්‍ය උපමානයන් ගැසට් කිරීමේදී ඒ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දායකත්වය ඉවත් කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය චෝදනා කර ඇති බවයි.
එනිසා කොවිඩ් – 19 රාජකාරී සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නීතිමය බලයක් නොමැති වී ඇති බව උපුල් රෝහණ මහතා පවසයි.
තම සංගමය කොවිඩ් – 19 රාජකාරීවලින් ඉවත් වීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ අමාත්‍යතුමියගේ මාධ්‍ය ලේකම් ඔහුව අමතා අමාත්‍යවරිය විසින් එවැනි ප්‍රකාශයක් සිදු කළේ නැති බව පැවසුවද තම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තමන් සූදානම් නැති බව උපුල් රෝහණ මහතා කියා සිටියේය.
තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හෙට දින නිකුත් කිරීමට නියමිත මැතිවරණයට අදාළ කොවිඩ් – 19 සෞඛ්‍ය උපදෙස් ගැසට් නිවේදනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය ඇතුළත් කළහොත් පමණක් දැනට ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර යළි කොවිඩ් – 19 සම්බන්ධ රාජකාරී කටයුතුවලට එකතු වන බවයි.
