ඇදිරි නීතිය පැනවීමට අවශ්‍ය නෑ – වෛද්‍ය ජාසිංහ

by admindasun
0 comment 35 views

කොවිඩ් – 19 සම්බන්ධයෙන් මේ වන විට රටේ පවතින තත්ත්වය අනුව ඇදිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

රට පුරා මෙම වසංගතය පැතිර යන්නේනම් ඇදිරි නීතිය පනවා එය මර්දනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණත් මේ වන විට මතුවී ඇති පොකුර හරහා රට පුරා මෙම රෝගීන් වාර්තා වීමක් දක්නට නොලැබෙන බවත් ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ දැනට පවතින වසංගත තත්ත්වය රට පුරා සිිිිියලු ප්‍රදේශවල රෝගය පැතිරීමේ අවදානමක් ඇති වුවහොත් පමණක් ඇදිරි නීතය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment