OPPO සමාගම තම නවතම නිෂ්පාදන වන 125 W flash charge සහ 65W AirVOC wireless flash charge තාක්ෂණයන් සමග ඉතා කුඩා ජංගම ආරෝපණ උපාංග දෙකක් වන 50W mini SUperVOOC charger සහ 110W mini flash charger හදුන්වා දීමට අද දින කටයුතු කළේය.
125 W flash charge තාක්ෂණය, ජංගම දුරකථන කර්මාන්තයේ නවතම තාක්ෂණික සොයාගැනීම ලෙස හැදින්විය හැකිය. දියුණු Encryption algorithm ක්‍රමවේදයක් සහ උෂ්ණත්වය දැඩිව පාලනය කිරීමේ තාක්ෂණයක් සමගින් එන මෙය ෆ්ලෑෂ් චාර්ජින් උපකරණය සුරක්ෂිත හා කාර්යක්ෂම ලෙස භාවිත කිරීමට උපකාරී වේ. 65W AirVOC wireless flash charge හි රැහැන් රහිත ආරෝපණ තාක්ෂණය මගින්, රැහැන් සහිත ක්‍රමයට වඩා ඉක්මනින් දුරකථනය ආරෝපණය කළ හැක. ප්‍රථම වරට හදුන්වා දෙන 50W mini SuperVOOC charger සහ 110 flash charger උපාංග OPPO සමාගමේ VOOC flash charge තාක්ෂණයේ සුවිශේෂී ප්‍රතිඵල ලෙස හැදින්විය හැකිවේ. පෙරනොවූ විරෑ තරම් සැහැල්ලු, සිහින් සහ පහසුවෙන් රැගෙන යා හැකි මෙම උපාංග, අධි බලැති ආරෝපණ උපාංග තවදුරටත් ප්‍රමාණයෙන් කුඩා කිරීම් උත්සාහයක පුරෝගාමී පියවරකි.
ලොව පුරා 5G තාක්ෂණය හදුන්වා දීමේ කටයුතු වේගයෙන් සිදුවෙමින් පැවතීම සහ වීඩියෝ ක්‍රීඩා හා වීඩියෝ දර්ශන නැරඹීම සදහා නිපදවා ඇති උපාංගවල අධික ලෙස බලශක්තිය වැයවීම යනාදී සාධක නිසා බැටරිවල ආරෝපණ මට්ටම හා පාරිභෝගික අත්දැකීම් සම්බන්ධයෙන් නව අභියෝග මතුවී තිබෙන බව මේ සම්බන්ධයෙන් OPPO සමාගමේ ආරෝපණ තාක්ෂණය සම්බන්ධ ප්‍රධාන විද්‍යාඥ ජෙෆ් චෑන්ග් මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ 2014 වසරේදී VOOC flash charge තාක්ෂණය හදුන්වා දීමේ සිටම වේගවත්ආරෝපණ තාක්ෂණයන් සම්බන්ධයෙන් පෙරමුණේ සිටීමට OPPO සමත් වූ බවයි.
මෙතෙක් අධි බලැති, රැහැන් රහිත හා ඉතා කුඩා ආරෝපණ උපාංග නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ලද අත්දැකීම් ඔස්සේ වඩාත් සුරක්ෂිත, කාර්යක්ෂම සහ පහසු අධිවේගී ආරෝපණ තාක්ෂණයන් නිර්මාණය කිරීම සදහා තම සමාගම කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
