2020 ජුනි මස 14 වන දින සිට අද දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ සිද්ධීන් 545ක් වාර්තා වී ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහාවූ ජනතා ව්‍යාපාරය (පැෆ්රල් සංවිධානය) පවසයි.
ඒ අතර බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළ නීති උල්ලංඝණය කිරීම් 24ක්ද, රාජ්‍ය බලය, දේපළ, සහ නිළධාරීන් අයුතු ලෙස භාවිතයට අදාළ නීති උල්ලංඝණය කිරීම් 42ක්ද, ප්‍රචණ්ඩ ක්‍රියා නොවන නීති උල්ලංඝණය කිරීම් 479ක්ද වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
