කොවිඩ් – 19 ආසාධනය වූ නව රෝගීන් 58 දෙනෙකු පමණ අද දිනයේ මේ දක්වා හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍ය ඒකකය පවසයි.
ඉන් 57 දෙනෙකු කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් සහ කාර්ය මණ්ඩල අය අතරින් සිදු 450 දෙනෙකුට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ මගින් හදුනාගත් අතර මාරවිල ප්‍රදේශයෙන් වාර්තා වුණු එක් කාන්තාවද එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස සේවය කළ අයෙක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.
අද සවස් කාලයේදී හදුනා ගන්නා ලද එක් රෝගියෙක් පිටරට සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව කොවිඩ් – 19 ආසාධනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරටින් වාර්තා වුණු මුළු කොවිඩ් රෝගීන්‌ගේ සංඛ්‍යාව 2152ක් දක්වා ඉහළ ගියේය.
