ශ්‍රී ලංකා දුම්රිය සේවාව සඳහා නව මගී ප්‍රවාහන දුම්රිය මැඳිරි 70ක් හා භාණ්ඩ ප්‍රවාහණය සඳහා යොදා ගන්නා බහාලුම් තැන්පත් කිරීමට අවශ්‍ය තට්ටු Flat Beds 20ක් මිල දී ගැනීමට අවශ්‍ය මුල්‍ය සහයෝගිතාවය හා එම උපකරණ ලබා දීමට ඉන්දුනිසියානු රජය විසින් තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපති I. gusti Ngurah Ardiasa මහතා පවසයි.
ඉන්දුනිසියානු තානාපතිවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දීය.
මෙම දුම්රිය මැඳිරි හා තට්ටු නිපදවීම සිදු කරනු ලබන්නේ ඉන්දුනිසියානු රජයට අයත් සමාගමක් වන M/s, PT Industry Kerata Api සමාගම විසිනි.
ඉන්දුනිසියාවේ නිෂ්පාදිත දුම්රිය මැඳිරි හා තට්ටු මෙතෙක් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ආනයනය කර ඇත්දැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් විමසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එරට නිපදවන මැඳිරිවල ගුණාත්මකභාවය පිළිබඳ වාර්තාවක් ලබා ගන්නැයි ද උපදෙස් දුන්නේය.
දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට එළවළු , සහල් පලතුරු වැනි භාණ්ඩ කොළඹට ප්‍රවාහනය කිරීමේ දී දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම මගින් ලොරි විශාල ප්‍රමාණයක් කොළඹට ඇතුල්වීම වළක්වා ගත හැකි බව ද පෙනී ගොස් ඇත. එමෙන්ම දුම්රිය මගින් මගී ප්‍රවාහන සේවා සැපයීමේ දී බස් රථ 28ක ගමන් ගන්නා මගීන් එක් දුම්රියකින් ප්‍රවාහනය කළ හැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
