විදුලි සේවකයන් යළි වර්ජනයකට සැරසෙයි

by admindasun
0 comment 55 views

පසුගියදා කිරිදිවැල ප්‍රදේශයේදී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හෙට දිනය වන විට පොලිසිය කටයුතු නොකළහොත් වැඩ වර්ජනය කිරීසට තීරණය කර තිබෙන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවසුවේය.

පසුගිය ජූලි 03 වන දින සිදු කෙරුණු මැර ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ විදුලි සේවකයන් තිදෙනෙකු මේ වන විටත් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 20 දෙනෙකු පමණ හදුනාගෙන ඇති අතර ඉන් එක් අයෙකු පමණක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිිය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවත් පෙනෙන්නට තිබෙන බවයි.

මෙම සේවකයින්ට පහරදීමෙ සම්බන්ධව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ හේතුව නිසා කිරිදිවැල ලංකා විදුලි බල මණ්ඩල සේවකයින්ගේ ආරක්ෂාව ගැන සලකා ඔවුන් සේවයෙන් ඉවත් වී ඇති අතර තව දුරටත් නීතිය ක්‍රියාත්මක නොවන්නේනම් වැඩ වර්ජනයක් අරඹන බවත් ජයලාල් මහතා කියා සිටියේය.

එසේම ඒ පිළිබද තීරණය හෙට රැස්වන වෘත්තීය සමිති හමුවේදී ස්ථිර කර ගැනීමට නියමිත බවත් ඔහු කියා සිටියේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment