ජින්තුපිටියේ පුද්ගලයාට කොවිඩ් නෑ

by admindasun
0 comment 37 views

කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට සැක කෙරෙමින් පසුගියදා රෝහල්ගත කෙරුණු කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාට කොවිඩ් – 19 ආසාධනය වී නොමැති බවට පරීක්ෂණවලින් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

එම පුද්ගලයාට කොවිඩ් – 19 ආසාධනය වී නොමැති බව රෝහල්ගත කිරීමෙන් අනතුරුව දිගින් දිගටම සිදු කරන ලද පී සී ආර් පරීක්ෂණ 05කින් පමණ තහවුරු වූ බවත් වෛද්‍ය ජාසිංහ පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව ජින්තුපිටිය ප්‍රදේශයෙන් සැක සහිතව රෝහල්ගත කර පුද්ගලයා මුහුදු ආරක්ෂකයෙකු වීම නිසා සහ විදේශගතව සිට පැමිණීම හේතුවෙන් කොවිඩ් – 19 ආසාධිතයෙකු වීමේ දැඩි අවදානමක් සහිත පුද්ගලයෙකු ලෙස හදුනාගෙන සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවුණු බවයි.

ඒ අනුව නිවාස නිරෝධායන කාලය තුළ කරන ලද පී සී ආර් පරීක්ෂණ ප්‍රතිඵල මත ඔහු කොවිඩ් – 19 ආදාධිතයෙකු ලෙස හදුනාගත් වහාම ගත යුතු සියලුම ආරක්ෂිත පියවරයන් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් ගනු ලැබූ බවත් වෛද්‍ය ජාසිංහ පැවසුවේය. එසේම ඔහුගේ පළමු පී සී ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලද වහාම අදාළ පුද්ගලයා කොවිඩ් – 19 ආසාධිතයෙකු ලෙස රෝහල්ගත කර ඇත.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජාසිංහ කියා සිටියේ ඔහුගේ සමීපතමයින් ලෙස සැලකූ 154 දෙනෙකුද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සදහා යවන ලද බවයි.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයාට කොවිඩ් – 19 අසාධනය වී නොමැති බවට තහවුරු වීමත් සමග යළි නිවස බලා පිටත් කර යවා ඇති අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය ඔහුගේ ආශ්‍රිතයන්ද පී සී ආර් පරීක්ෂණ සිදු කර කොවිඩ් – 19 ආසාධනය වී නොමැති බවට තහවුරු වීමත් සමග යළි නිවෙස් බලා පිටත් කර ඇති බව වෛද්‍ය ජාසිංහ පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment