කොවිඩ් – 19 ආසාධනය වීම නිසා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 04 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග ප්‍රතිකාර ලබා ගන්නා නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 21 දක්වා අද දිනයේදී පහත වැටී ඇත.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේ මේ වන විට සුවය ලැබූ මුළු නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 883 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පළමු නාවික හමුදා කොවිඩ් රෝගියා වාර්තා වීමත් සමග වසා දැමුණු වැලිසර නාවික හමුදා කදවුරද මේ වන විට විවෘත කර ඇති අතර තව දුරටත් නාවික හමුදා සාමාජිකයින් අතරින් කොවිඩ් – 19 රෝගීන් වාර්තා වීමක් පෙන්නුම් නොකරන බවත් ඔහු කියා සිටියේය.
