කොවිඩ්න – 19 වසංගත තත්ත්වය නිසා දින 105ක් පමණ කාලයක් තිස්සේ වසා දමා තිබුණු මෙරට පාසල් හෙට දින සිට අදියර කිහිපයක් යටතේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව පළමු අදියර ලෙස හෙට දින පාසල් විවෘත වන අතර හෙට දිනයේදී විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන සේවා කාර්ය මණ්ඩලය පමණක් පැමිණීමට නියමිතය.
ඉන් පසු දෙවන අදියර ජූලි මස 06 වන දිනෙන් ආරම්භ වන අතර එදින සිට 13 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 05 ශ්‍රේණිය සිසුන් සහභාගී වනු ඇත.
