සුවය ලැබූ තවත් කොවිඩ් රෝගීන් 22ක් පිටව යයි

by admindasun
0 comment 22 views

කොවිඩ් – 19 ආසාධනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 22 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට කොවිඩ් ආසාධනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අද දින වන විට 362 දක්වා පහත වැටී ඇත.

ඒසේම සුවය ලැබූ සමස්ථ රෝගීන්ගේ සංඛ්‍යාව 1661 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

අද සවස වන විට ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් – 19 ආසාධිත බවට තහවුරු වූූ බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවද කොවිඩ් – 19 බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 51ක් පමණ වන අතර කොවිඩ් ආසාධිත මෙරට මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 2034 දක්වා ඉහළ ගොස් ඇත.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment