අද සිට ඇදිරි නීතිය ඉවත් කෙරේ

by admindasun
0 comment 50 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට මධ්‍යම රාත්‍රි 12 සිට අළුයම 04 දක්වා ක්‍රියාත්මක වුණු ඇදිරි නීතිය අද සිට මුළුමනින්ම ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

වසංගත තත්ත්වය සමග මාර්තු මස 20 වන දින සිට ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු අතර යළි රට විවෘත කිරීමෙන් අනතුරුව රාත්‍රි කාලයේදී පමණක් ඇදිරි නීතිය ක්‍රියාත්මක විය.

ඒ අනුව අද සිට ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමක් රට තුළ සිදු වන්නේ නැත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment