2020 අගෝස්තු 01 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සාමාන්‍ය ගුවන් මගීන් සදහා විවෘත කිරීමට සැළසුම් කර තිබුණද එය තව දුරටත් කල් දැමීමට සිදුවන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් විමසූ විට ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය යම් කිසි පාලනයකට යටත් කර තිබුණද ලෝකයේ අනෙකුත් රටවල එම වසංගත ව්‍යාප්ත වීම නිසා එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ කටයුතු තවමත් සිදුවන බැවින් මෙරට ගුවන් තොටුපළවල් විවෘත කිරීම තව දුරටත් පමා කිරීමට සිදුවන බවයි.
අද දිනයේදීද මෙරටට පිටරටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණීමට නියමිත බවත් ඔහු කියා සිටියේය.
