කොවිඩ් නිසා එන ලාංකිකයන්ටත් ඩියුටි ෆ්‍රී

by admindasun
0 comment 61 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා මෙරටට ගෙන්වා ගන්නා ශ්‍රී ලාංකිකයන්ටත් ගුවන් තොටුපළ තුළදී ඩියුටි ෆ්‍රී පහසුකම් ලබා ගැනීමට අනුමැතිය හිමිවී ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

ඒ අනුව ලබන සතියේ සිට මෙම පහසුකම ලබා ගැනීමට හැකියාව ඇති බවත් ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ මේජර් ජනරාල් චන්ද්‍රසිරි පැවසුවේ මේ වන විට ශ්‍රී ලාංකියන් 12,000ක් පමණ මෙසේ ලංකාවට ගෙන්වා ගෙන ඇති අතර එම පිරිසට අවශ්‍ය නම් ඔවුනට හිමි ඩියුටි ෆ්‍රී පහසුකම ලබන සතියේ සිට පැමිණ ලබා ගත හැකි බවයි.

මේ සම්බන්ධයෙන් සියලු දෙනා දැනුවත් කිරීම සදහා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් දැන්වීමක්ද පල කරන බව ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment