ප්‍රේමදාස දුන් ආයුධ බාරගත්තේ මමයි – කරුණා

by admindasun
0 comment 69 views

පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දින කටඋත්තරයක්ද ලබා දුන් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් එල් ටී ටී ඊ සංවිධානයට ආයුධ ලබාදුන් බවට අද දින ප්‍රකාශ කළේය.

දෙරණ ටීවී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ රණසිංහ ප්‍රේමදාස මහතා නායකත්වය දැරූ එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජය විසින් එල් ටී ටී ඊ සංවිධානයට උදවු කළ අතර ඔවුන් ලබා දුන් ආයුධ බාර ගත්තේ තමා විසින් බවය.

එසේ එම ආයුධ බාර ගැනීම වැලි ඔය කැළයේදී සිදු වුණු බවත් ඔහු කියා සිටියේය.

එපමණක් නොව එල් ටී ටී ඊ සංවිධානයට එවකට තිබුණු එක්සත් ජාතික පක්ෂ රජය විසින් මුදල්ද ලබා දුන් බව කරුණා අම්මාන් කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ කරුණා අම්මාන් කියා සිටියේ හමුදාවේ අය මරා දැමීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය දේශපාලන වේදිකාවේ කළ ප්‍රකාශයක් වන අතර තමන් කවුරුන්දැයි සිංහල ජනතාව හොදින් හදුනන බවයි.

එසේම තමා ජාතිවාදී දේශපාලනයක් නොකරන බවත් එවැනි දේශපාලනයක නිරත වන්නේ දෙමළ ජාතික සන්ධානය බවත් ඔහු කියා සිටියේය.

තවද තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නොව වෙනමම අම්පාර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන අතර අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත් වන බවත් කරුණා අම්මාන් කියා සිටියේය.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු ගලගොඩඅත්තේ ඥානසාර විසින් මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව ගෙන ගිය සටන අගය කරන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment