රුපියල් මිලියන 10ක පමණ වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.28ක් සමග දෙනෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවලදී අනාවරණය වූයේ මේ වන විට බන්ධනාගාරගත කර සිටින මර්වින් ජනා නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට පත් වී ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා දියත් කර ඇති විශේෂ මෙහෙයුම් දිවයින පුරා තව දුරටත් ක්‍රියාත්මක වන බවයි.
