‘කැටවලපිටියේ සම්පත්’ පොලිස් වෙඩි පහරින් මරුට

by admindasun
0 comment 55 views

ගණේමුල්ලේ සංජීව නම් පාතාල නායකයාට වෙඩි තැබුවේ යැයි කියන කැටවලපිටියේ සම්පත් නම් පාතාල සාමාජිකයා අද උදෑසන පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වී ඇති බව පොලිසිය කියයි.

ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු එම පාතාල සාමාජිකයා මෙසේ පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත.

පාතාලය සහ කුඩු ජාවාරම්කරුවන් මර්දනය කිරීම සදහා රජය විසින් මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරියේදීද එම මෙහෙයුම් කටයුතු දිවයින පුරා ක්‍රියාත්මක බන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment