කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ලෙබනනයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලංකාවට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ලෙබනනයේ සිටි ශ්‍රී ලාංකිකයනි් 171ක් පමණ අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.
ගුවන් තොටුපළේදීම පීසීආර් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
