ආනයන පාලන තවත් මාස 06කට දීර්ඝ කෙරේ

by admindasun
0 comment 39 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් බිද වැටී ඇති ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත් කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ක්‍රියාත්මක කරන ලද ආනයන සහ විනිමය පාලන කටයුතු තවත් මාස 06ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර පසුගිය කැබිනට් රැස්වීමේදී ඒ සදහා අනුමැතිය ලැබුණු බවයි.

තව දුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතාට අනුව රට තුළට විදේශ විනිමය පැමිණීමේදී ඇති බාධක ඉවත් කිරීමටත් රාජපක්ෂ මහතා තම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා තර තිබුණි. ඒ අනුව විදේශ විනිමය රට තුළට ලබා ගැනීමේදී ඇති බාධක ඉවත් කිරීමට විනිමය කළමනාකරණ පනතේ 29 වන වගන්තියට අනුව නව රෙගුලාසි නිකුත් කිරීමට යෝජනා කර ඇත.

රටින් පිටවන මුදල් ඉතිරි කිරීමට කටයුතු කරන අතර රට තුළට පැමිණෙන විදේශ විනිමය සදහා ඇති බාධක ඉවත් කිරීමට රජය කටයුතු කරන බව ගුණවර්ධන මහතා පවසයි.

ආනයන සහ විනිමය පාලන කටයුතු දීර්ඝ කිරීම සදහන් වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කෙරෙන බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment