කොවිඩ් ආසාධිත නාවික හමුදාවේ 06ක් හමුවේ

by admindasun
0 comment 38 views

පසුගිය දින කිහිපය පුරා කොවිඩ් – 19 ආසාධිත නාවික හමුදා සාමාජිකයින් වාර්තා නොවුවත් අද දිනයේදී කොවිඩ් – 19 ආසාධිත නාවික හමුදා සාමාජිකයන් 06 දෙනෙකු වාර්තා වුණු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව කොවිඩ් – 19 ආසාධිතව ර‌ෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 394ක් දක්වා ඉහළ ගිය බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 2007කි.

අද දිනයේදීද 26 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග කොවිඩ් – 19 ආසාධනය වී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 1602 දක්වා ඉහළ ගිය බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට කොවිඩ් – 19 බවට සැක සහිතව රජයේ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 36කි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment